පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනාගේ ගැටුමෙන් රාජපක්ෂට පැය 3ක සැත්කමක් Featured

Published in පුවත්
Wednesday, 05 June 2024 09:30

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට ඊයේ (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය. ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us