අනුරාධපුරට අයත් ගම්මාන 05 ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස තෝරාපත් කර ගැනේ

Published in පුවත්
Wednesday, 05 June 2024 12:30

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගම්මාන 05 ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර තෝරා ගත් ගම්මාන අතර වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන 160ක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

මෙම ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියරෙහි කටයුතු ලබන සතියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම වර්ෂයේ දී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩ පිළිවෙළ සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් රජය විසින් ලබා දී ඇත. ඒ අනුව එක් ගමකට පළමු අදියර යටතේ යටතේ රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.

මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාල ගම්මාන අවට ඇති සියලුම වැව්, අමුණු හා ඇළමාර්ග පද්ධති නවීකරණය කරනු ලබයි. මෙම කටයූතු සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් වැය කිරීමට නියමිතය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ වගා ගම්මාන වැඩ පිළිවෙළ යටතේ 2023 වසරේ ගම්මාන 11ක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් මේ වනවිටත් සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us