තල්, පොල්, කිතුල් රා අපනයනයට ඇති බාධා ඉවත් කිරීමට පියවර

Published in පුවත්
Thursday, 06 June 2024 23:08

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් දෙන ලදි.

දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට හා අපනයනය කිරීමට ගැටලු පැවති බවත් මෙය නිරාකරණය කිරීම මගින් විශාල ආදායමක් රජයට ලබාගත හැකි බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මින් පෙර පැවති කමිටු රැස්වීමේදීද පෙන්වා දෙන ලදී.
මේ අනුව මේ සම්බන්ධයෙන් පැවති ගැටළු සාකච්ඡා කර ඒවා විසදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන කැඳවා තිබුණි. එහිදී මෙම දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීමට එකඟ වන ලදි.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එසේම මෙහිදී උතුරු පළාතේ නිෂ්පාදනය කරන තල් රා තොග වශයෙන් දේශීයව සහ විදේශීව බෙදාහැරීමට පැවති බාධා ඉවත් කිරීමට ද එකඟ විය. තවද අපනයනකරුවන්ට පහසුවෙන් සහ ක්‍රමවත්ව කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුව විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදි.
කාරක සභාව පෙන්වා දුන්නේ කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශීයව විශාල වෙළඳපොළක් පවතින බවයි. මේ නිසා මෙම බාධා ඉවත් කිරීම හරහා විශාල ආදායමක් රජයට ඉදිරියේදි ලැබෙණු ඇති බව කමිටුව පෙන්වා දුන්නේය.
තවද තල්, පොල් සහ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සියලු යෝජනා ඇතුළත් යෝජනාවලියක් කාරක සභාවට ලබාදෙන ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දීම මෙහිදී සිදු විය.
මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු හර්ෂණ රාජකරුණා යන මහත්වරු එක්වූහ. එසේම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, තල් සංවර්ධන මණ්ඩලය, කිතුල් සංවර්ධන මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

- ada derana 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us