ඩී.බී විජේතුංගත් රනිලුත් ඇරෙන්න අනික් හැම හිටපු ජනපතිකෙනෙක්ම ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතයට ගත් අය - නීතිඥ ප්‍රතිභා මහානාම කියයි Featured

Published in පුවත්
Friday, 07 June 2024 08:10

රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය.

නීතිඥ මහානාම හේවා මහතා එසේ පැවැසුවේ එම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
මහානාම හේවා මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරුන් අතරින් ඩී.බී විජේතුංග මහතා හැර අනිකුත් අය මෙම ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතයට ගත් බවය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ඇතැම් පිරිසක් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය ද ඒ මෙතෙක් සිදුව නැති බව ද ඔහු කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි වගන්තියේ තුන්වැනි පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති බව පැවැසූ නීතිඥ මහානාම මහතා ඒ අනුව ජනාධිපතිවරයකු මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළහොත් ඕනෑම පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කළ හැකි බව ද හෙතෙම පැවැසීය.

ජනාධිපතිවරයකුට අධිකරණය මගින් දඩුවම් ලැබ සිටින යම් පුරවැසියකුට ජනාධිපති සමාව ලබා දෙන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සලසා ඇති බව ද මහානාම හේවා මහතා කීය.

ඒ අනුව කමිටුවක් පත් කළ යුතු බවත් ඊට අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයා නීතිපති හෝ ඔහුගේ නියෝජිතවරයකු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයකු සහ විශ්‍රාමලත් විනිසුරුවරයකු එම කමිටුවට ඇතුළත් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බව ද පැවැසීය.
එම කමිටුව මගින් ලබා දෙන නිර්දේශ මත ජනාධිපතිවරයාට සිය තීරණය ලබා දිය හැකි බව ද මහානාම හේවා මහතා වැඩිදුරටත් පැවැසීය.

-ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us