අද වන විට අයහපත් කාලගුණයෙන් නිවාස 5,587ක් හානියට

Published in පුවත්
Friday, 07 June 2024 09:21

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ. නිවාස 56ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531කි.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව ද මේ වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක් පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 16කි.

පුද්ගලයින් 7,639 දෙනෙකු මේ වන විටත් සුරක්ෂිත මධ්‍යස්ථාන 1,973ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 63,413කට අයත් පුද්ගලයින් 239,006ක් බලපෑමට ලක්වී ඇති බවද සඳහන් ය.

කෙසේවෙතත් නිවාස අහිමි වුවන්ට නිවාස ඉදිකරදීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us