කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට පෞද්ගලික අංශයෙන් යෝජනා

Published in පුවත්
Friday, 07 June 2024 12:23

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොල තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රට පුරා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 25 බැගින් වෙන් කර ඇති අතර, එම නියමු ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කෙ‍රිණි.

කෘෂිකර්ම හා ධීවර යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ වැඩසටහන් සහ කෘෂි නවීකරණ වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ආදී කරුණු මෙම වාර්තාවට ඇතුළත් වේ.

නවීන තාක්ෂණය භාවිතයෙන් අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව භාණ්ඩ සැපයීමත් ඒ තුළින් අපනයන වෙළඳපොල ජයගැනීමත්, විදේශ විනිමය හා ගොවි ආර්ථිකය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්කය වේ.

මෙම ඉලක්ක ජය ගැනීම සඳහා රිලවුන් සහ වන අලින්ගෙන් වගාවන්ට සිදුවන හානි හා පසු අස්වනු හානි අවම කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

අනාගත අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව මුහුණදීමේදී නවීන තාක්ෂණය අත්‍යාවශ්‍ය බව මෙන්ම වගාබිම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවට එක් වූ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුත් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා පවතින බාධක ඉවත්කර ගැනීම සඳහා මැදිහත් වන ලෙසද ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

 

WhatsApp Image 2024 06 07 at 11.40.31 ec040f50

WhatsApp Image 2024 06 07 at 11.40.31 16dba48f

WhatsApp Image 2024 06 07 at 11.40.31 72d11664

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us