මාතලේට සහ කොළඹට කෘත්‍රිම හොකීපිටි 2ක් ළඟදීම

Published in පුවත්
Friday, 07 June 2024 16:37

මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.

ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

වසර කිහිපයක් නතර වී තිබූ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සහ මාතලේ කෘත්‍රිම හොකීපිටිය නවීකරණය කෙරෙමින් තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

ඒ යටතේ මාතලේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 140ක් සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 160ක් වැය කර තිබෙනවා. ඒ අනුව මෙම හොකීපිටි දෙකම ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 67ක් මේ වන විට ලියාපදිංචි වී තිබෙනවා. ඉන් ජාතික ක්‍රීඩා සංගම් 05ක් අවලංගු කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මොටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය මැයි 31 වනදාට පෙර යාවත්කාලීන කර නොමැතිවීම නිසා ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා. එම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ශමල් ප්‍රනාන්දු මහතාට විශේෂ ගැසට් පත්‍රයකින් බලය පවරා තිබෙනවා.

එමෙන්ම තවත් ක්‍රීඩා සම්මේලන 3ක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳව අධිකරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. එම ගැටළු විසඳා ගැනීමත් සමඟ ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට හැකි බව අප විශ්වාස කරනවා. තවද පසුගිය අයවැයේ දී ජනාධිපතිවරයා විසින් පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කළා. ඒ අනුව පාසල් ක්‍රිකට් සම්මේලනය සමඟ එක්ව නව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us