හර්ෂගේ චෝදනාව ගැන විමර්ශනය කරන්න ටිරාන්ම සීඅයිඩියට බාරකරයි.  

Published in පුවත්
Friday, 07 June 2024 21:47

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී තමන් මුහුණ දෙන බවට ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර ඇත.

මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාව තුළින් VFS වීසා ගනුදෙනුවේදී සිදුව ඇත්තේ කුමක්දැයි හෙළිදරව් කරගැනීමට කටයුතු කරන විට රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරු ඔහුට තර්ජනය කරන බවත් මෙම ගනුදෙනුව මගින් මහ බැංකු ගනුදෙනුවටත් වඩා විනාශයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ මෙම වීසා ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීමට මුදල් කාරක සභාව උත්සාහ කළත් කාරක සභාවේ පිරිසක් එය කඩාකප්පල් කළ බවයි. මෙම තත්ත්වය හමුවේ තමාගේ ආරක්ෂාව තර කරන මෙන් ඔහු කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

“මේ වීසා ගැටලුව පිළිබඳව වාර්තාවක් එන සතියේ කාරක සභාව එළි දක්වනවා. කාටද ඕනකම තියෙන්නේ මට ගහන්න? පාරේ යනකොට මාව මරල දැම්මොත්? ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට වගකීමක් තියනවා. මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරේ මරල දැම්මොත් ගරු කතානායකතුමනි, මේකෙ පිටිපස්සේ ඉන්න අයට වගකියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට කියන්නේ? වංචා දූෂණ වහන්නද කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්ද?“

මෙම වීසා ප්‍රශ්නය ගැන සාකච්ඡාව නිසි පරිදි සිදුකිරීමට මුදල් කාරක සභාවේ ඇතැම් සාමාජිකයින් අවස්ථාව ලබා නොදුන් බවත් ඒ පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. එසේම, තමාව මුදල් කාරක සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එයින් තමා පසුබට නොවන බවත් හෙතෙම කීය.

“මෙහිදී, අතිශයින් බලපෑම් සිදුවුණා. වෘත්තීයමය තත්ත්වය විහිළුවට ලක්වුණා. මම දැඩි අපහසුතාවයට පත්වුණා. සමහර සාමාජිකයින් මහ ලේකම්තුමිය බලෙන් කමිටුවට කැඳෙව්වා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා. එතුමිය පාර්ලිමේන්තුවේ ප්‍රධානියා.“

VFS වීසා ගනුදෙනුව පිළිබඳ චෝදනාව මූලික වශයෙන් එල්ල වී තිබුණේ ටිරාන් අලස් ඇමතිවරයා වෙතටය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us