ඛනිජතෙල් සංස්ථාවේ ණය රජය විසින් භාර ගනියි

Published in පුවත්
Saturday, 08 June 2024 19:31

රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීමට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව අදාළ බැංකු දෙකට ඩොලර් මිලියන 450කට ආසන්න ණයක් ගෙවීමට ඇති බවට ගණනය කර තිබේ. මෙරට ඉන්ධන ප්‍රශ්නය මතුවන්නට පෙර සිටම ඛනිජ තෙල් සංස්ථාවේ ණය බර ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබූ අතර, ඉන්ධන ප්‍රශ්නය පැන නැඟීමත් සමඟ එම ණය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

මෙම අධික ණය බර නිසා පසුගිය සමයේදී රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක් ද පැවැති බව රජය සඳහන් කරයි.

මෙම ණය බර සම්බන්ධයෙන් පියවරක් ගැනීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය බැංකු දෙකේ සභාපතිවරුන් සහ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්විණි.

Last modified on Saturday, 08 June 2024 19:58

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us