සංචාරක කර්මාන්තයේ විස්මිත වර්ධනයක් Featured

Published in පුවත්
Monday, 10 June 2024 10:38

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අඛණ්ඩව කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් 2024 පළමු මාස ​​පහ තුළ ඩොලර් බිලියන 1.4 කට අධික ආදායමක් උපයා ගනිමින් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 87% ක විශ්මිත වර්ධනයක් සනිටුහන් කර ඇත.

පළමු මාස ​​පහ තුළ ආදායම් උත්පාදනය ඉහළ නැංවීම විශේෂයෙන් වැදගත් වන්නේ, පෙර වසරේ සමාන ආදායමට ළඟා වීමට මාස නවයකට ආසන්න කාලයක් ගත වූ බැවිනි.

මෙම වසරේ මැයි මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 154 ක් වූ අතර එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව 54% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

එමෙන්ම මැයි මාසය තුළ සංචාරක පැමිණීම් 112,128ක් දක්නට ලැබුණු අතර එය පසුගිය වසරේ මැයි මාසයට වඩා 35%ක වර්ධනයක් වාර්තා කළේය.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝග රැසකට53 මුහුණ දීමට සිදුවූ නමුත් මේ වන විට වේගයෙන් ශක්තිමත් වී ඇත.

2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 900,000 පැමිණීමේ සන්ධිස්ථානය පසුකර යාම, පෙර වසරට වඩා සැලකිය යුතු වර්ධනයක් නියෝජනය කරමින් සුබවාදී ඉදිරි දැක්මක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය 2024 වසර සඳහා . ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) දිනකට ඩොලර් 500 කට වැඩි මුදලක් වැය කිරීමේ සාමාන්‍ය පදනම මත මිලියන 2.5 ක් සංචාරකයන් ප්‍රමාණයක් ඉලක්ක කර ඇත. එමඟින් ඩොලර් බිලියන 4 කට වැඩි ආදායමක් අපෙක්ෂා කරයි.

සංචාරක ව්‍යාපාරය රටට විදේශ විනිමය ඉපැයීමේ තීරණාත්මක මූලාශ්‍රයක් ලෙස පවතින බැවින්, එක් අමුත්තකු සඳහා සාමාන්‍ය වියදම් ඩොලර් 4,000 දක්වා වැඩි වැය කිරීමක් සහිත ඉහළ මට්ටමේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයන් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණීමේ මාසය වාර්ථා වන්නේ 2018 දෙසැම්බර් මාසයේදීය. ඒ 253,169 කි. 2019 වසරේ දී සංචාරකයන් 2,333,796 කගේ පැමිණිම ඉහළම වාර්ෂික අගය වේ.

TO11

TO2

Leave a comment

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us