වතු සේවක වැටුප් ඉහළ දැමීම ගැන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට Featured

Published in පුවත්
Tuesday, 11 June 2024 10:11

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පිරිනැමීය.

ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේදී අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ (10) දින පැවැත්විණි.

ශ්‍රම වෙළදපොල ප්‍රමිතීන් සහ රැකියා තත්වයන් වැඩි දියුණු කිරීම සදහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ඒ සදහා වන කැපවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය් සී 188 වැනි ධීවර සම්මුතිය අපරානුමත කිරීම සදහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැහැදිළි කළ අතර එය කඩිනමින් අපරානුමත කිරීමට කටයුතු කරන බවද සදහන් කළේය.

සී 155 දරණ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සම්මුතිය, සී 189 දරණ ගෘහ සේවක සම්මුතිය, සී 190 දරණ සේවා ස්ථානයේ ප්‍රචන්ඩත්වය සහ හිරිහැර කිරීමට එරෙහි සම්මුතිය අපරානුමත කිරීම සදහා ගෙන ඇති පියවරද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

රැකියාවක් අහිමිවීමේදී ප්‍රතිලාභ ලබාදීම, මාතෘ ප්‍රතිලාභ සහ සේවා ස්ථානයේදී සිදුවන අනතුරු සදහා රක්ෂණයක් ලබාදීම වැනි කරුණු ඇතුළත් කරමින් ආරම්භ කරන සමාජ ආරක්ෂණ ක්‍රමවේදය පිළිබදව පැහැදිළි කළ අමාත්‍යන්‍රයා සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සදහා සහාය ලබාදෙන ලෙසට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජාතික කම්කරු වෙළදපොළ තොරතුරු පද්ධතිය පිළිබදව සහ ශ්‍රම වෙළදපොළෙහි ප්‍රතිසාධන සහ උපායමාර්ග අධීක්ෂණය කිරීම සදහ ක්‍රියාත්මක කිරීම සදහා අන්තර් අමාත්‍යාංශ ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව සත්කාරක සහ සාත්තු සේවක පුහුණු කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සමග එක්ව ගනු ලබන පියවර පිළිබදවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

මේ හරහා කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වෙනස්කොට සැලකීමේ භාවිතයන් ඉවත් කිරීම සදහ ලංකාවේ කාන්තාවන් සදහා යහපත් සේවා කොන්දේසි සහතික කිරීමත් තහවුරු කරන බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රම වෙළදපොල ඉලක්ක කරගනිමින් ගෙන යන වැඩපිළිවෙල සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවටත් මෙහිදී, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo වැඩිදුරටත් සහතික විය.

මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත හිමාලි අරුණාතිලක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම් චසන්තන්, කම්කරු කොමසාරිස් ජනරාල් ජයසුන්දර, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us