මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් ?

Published in පුවත්
Friday, 14 June 2024 09:13

මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ හැකිද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවේ දී නීති විශාරදයින්ගෙන් විමසා තිබේ.

කෙසේවෙතත් මෙම කටයුතු සඳහා අධිකරණ බාධා පවතින්නේ නම් ඊට ගත යුතු විකල්ප සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව සදහන් ය.

නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා අවස්ථා දෙකක් හිමිවන අතර ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පණතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් ජනමත විචාරණයකට ගමන් කළ හැකි බව නීති විශාරදයින්ගේ මතය වී තිබේ.

කෙසේවෙතත් එළඹෙන ජුලි මාසයේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ සැලැස්මක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us