ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි

Published in පුවත්
Friday, 14 June 2024 09:28

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සෑම වර්ෂයකම අද දිනට යෙදී තිබෙනවා.

“ජීවිත සුරැකීමට පිය නගමු” යන්න තේමා කරගනිමින් මෙවර එම දිනය සැමරීමේ ජාතික උත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රුධිර පරිත්‍යාගශීලීන් දහසකගේ සහ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් අද දිනයේදී (ජුනි 14) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික රුධිර පාරවිලයන සේවය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රුධිර පාරවිලයන පිළිබද විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දම්මිකා සෙනරත් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (13) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

රුධිර පරිත්‍යාගශීලීන් දහසක් ඇගයීමටත්, ඊට සමගාමීව දිවයින පුරා පිහිටි පර්ශද රුධිර මධ්‍යස්ථාන වලදී තවත් රුධිර පරිත්‍යාගශීලීන් තුන් දහසක් ඇගයීමටත්, ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයින්ගේ ලේඛණය ආරම්භ කිරීමටත්,රක්තා ජංගම දුරකතන යෙදුම (Rakthaa App) එලි දැක්වීමත්, අද දිනයේ සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මෙහිදී පැවසුවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us