රට යළි ගොඩනගා ජනතාව සවි බල ගන්වන ගමන කඩාකප්පල් කරන්න දුෂ්ඨ බලවේගවලට ඉඩ දෙන්නේ නැහැ - රවී

Published in පුවත්
Monday, 17 June 2024 18:30

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සහ සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස යළි ජනපති වන බවට පැහැදිලිව ගණන් බලා තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.

ඊට බිය වී ඇති කිසිම වැඩ පිළිවෙළක්ර, දර්ශනයක් සහ ඉලක්කයක් නොමැති බංකොලොත් විපක්ෂය බිල්ලන් මවමින් රට-ජනතාව නොමඟ යවමින් සිටින බවට චෝදනා කළ රවී කරුණානායක මහතා රටේ යළි නොවැටෙන ආර්ථිකයක් ඇති කර ජනතාව සවි බල ගන්වන ජනපතිගේ ගමන කඩාකප්පල් කර රට වට්ට වීමට කිසිදු දුෂ්ඨ බලවේගයකට ඉඩ තබන්නේ නැතැයි ද අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව අවධාරණය කළේ කොළඹ දී සඳුදා (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානාය මෙසේ ද කීය.

"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මත වන අතර එම තත්ත්වය රට සහ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.
මෙහි සහනය ලැබෙන්නේ රටට සහ ජනතාවටයි. ජනාධිපතිවරයා ප්‍රධාන රජය මූල්‍ය විනයක් එක්ක හරි මාර්ගයේ යනවා. ජනාධිපති හරි මාර්ගයේ යනවා. රටක් බංකොලොත් වුණාම ඒ බංකොලොත් භාවයෙන් එළියට පැමිණීම ඉතාම අමාරුයි. නමුත් අප ඒ ගමන් මාර්ගයේ මේ වන විට සාර්ථකව යනවා.
සමහරුන් ඉඩම් සහ නිවාස බදු ගැන විවේචනනය කරනවා. නමුත් මේ බද්ද ලොකු කාරණයක් නොවෙයි. සෑම නිවසකටම සහ ඉඩමකටම බදු ගහන්නේ නෑ. බදු ගහන්නේ වාණිජ කාරණා සදහා යොදා ගන්නා නිවාස ඇතුළු දේපොළවලට විතරයි. ඒ විපක්ෂය විවිධ කාරණා අල්ලා ගෙන බිල්ලෝ මවන්න හොද නෑ.
අප සියලු දෙනා එකට එක්ව මේ රටේ යළි නොවැටෙන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ සඳහා අපනයනය වැඩි කළ යුතුයි. ඒ වගේම රටේ යල් පැන ගිය ප්‍රසම්පාදන ක්‍රමවලට අදාළ නීති පද්ධතිය නවීකරණය කළ යුතුයි. නිවැරදි වෙලාවට නිවැරදි තීන්දු නොගත හොත් ඒ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වන්නේ ජනතාවටයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල විවේචනය කරමින් බිල්ලන් මවනවා විනා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන විධිමත් වැඩ පිළිවෙළක්, දර්ශනයක් සහ ඉලක්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ. විනෝද බද්ද නිසා යම් ප්‍රමාණයකට අනිසි බලපෑමක් එල්ල වුණා. ඒ නිසා ඒ බද්ද අහෝසි කර තිබෙනවා.
වාහන ආනයන සීමා ඉවත් කිරීම ගැන කතා වනවා. නමුත් මේ නිසා ඩොලර් කාන්දු වීමක් වුණොත් රටේ ආර්ථිකයට යළි ගැටලුවක් ඇති වනවා. මේ මොහොතේ වැදගත් වන්නේ රටට කාර් ආනයනය කිරීම නොව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව කිව යුතුයි. මේ කරුණු කාරණා හේතුවෙන් වැරදි මතයක් ඇති වුණොත් එම තත්ත්වය ඩොලර්යට බලපාවි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සංශෝධනය කළ යුතු යැයි විපක්ෂය කියනවා. ඒ කුමක් සඳහාදැයි අප ප්‍රශ්න කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියල්ල අප කළ යුතු නැහැ. ඒ නිසා වාහන ආනයනය සුදුසු නැහැ. ඩොලර්ය අඩු වෙලා. නමුත් වෙළෙඳ පොළේ බඩු මිල අඩු වෙලා නෑ. මේ ගැන ජනමාධ්‍ය කරුණු සෙවිය යුතුයි. පාරිභෝගික අධිකාරිය මේ ගැන සෙවිය යුතුයි. අපේ රට ශ්‍රී ලංකාව කියන්නේ නිධානයක් උඩ සිටිමින් හිඟා කන ජාතියක් බව කිව යුතුයි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවා යැයි ද, යාපනය සංවර්ධනය කරනවා යැයි ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාකියනවා. උතුරට ගිහින් එකක් කියනවා. දකුණට ඇවිත් තව එකක් කියනවා. ශ්‍රී ලංකාවටම අවශ්‍ය වන්නේ ජාතික වැඩ පිළිවෙළක් බව කිව යුතුයි. රටේ බංකොලොත්භාවයෙන් අත්මිදෙමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් පවා පැහැදිලි වනවා.
ඒ අනුව සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස ජය ගත හැකි බවට පැහැදිලිව ගණන් බලා තිබෙනවා."

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us