ෆයිසර් එන්නත ලබා දුන්නේ අතුරු ආබාධ රැසක් ඇති බව දැනගෙනලු

Published in පුවත්
Wednesday, 19 June 2024 08:59

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත.

කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ, ‘ෆයිසර්’ සමාගමට එරෙහිව නඩු පැවැරීමක් කළේ, කැන්සාස් ජනපද නීතිපති ක්‍රිස් කොබෙච් මැදිහත් වෙමිනි.

‘ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙනයි. එන්නත ලබා ගත් බොහෝ දෙනකු අද සංකූලතාවලට මුහුණ දෙනවා. සමහරු මියගිහින්. ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය ඇමෙරිකානුවන්ට හෙළි කළ යුතුයි’ යැයි නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

‘ෆයිසර්’ යනු වසර 175 කට වැඩි කාලයක් තිස්සේ ජනතා විශ්වාසය දිනාගත් ලොව ප්‍රමුඛ පෙළේ ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමකි. ජර්මන් සමාගම් දෙකක් ද ‘ෆයිසර්’ සමඟ අත්වැල් බැඳගෙන සිටී. ‘ෆයිසර්’ මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරය. ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ වයිරසය පාලනය සඳහා ලොව රටවල් රැසක භාවිත කෙරුණු වඩාත් ආරක්ෂිත යැයි පැවැසුණු ප්‍රතිශක්තිකරණ එන්නත වූයේ මෙම ‘ෆයිසර්’ එන්නතය.

මේ වනවිට, ඔකස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මැදිහත් වී නිපදවා, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ලබා දුන් බ්‍රිතාන්‍යයේ ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගමේ ‘ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ද ගැටලු මතු වී ඇත. ඒ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීම් ඇති වෙනවා යැයි අධිකරණය හමුවේ තහවුරු වීමත් සමඟය.

එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වීමට ද ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගත්තේය.

ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමිනි. මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද මෙම ‘කොවිෂීල්ඩ්’ එන්නතය. ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් අධිකරණය හමුවේ තහවුරු විය. ඇස්ට්‍රාසෙනකා සමාගම මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ එන්නත යවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවය.

(ප්‍රෙස්ටීවී)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us