ළමා අපචාර වාර්තාකරණයණයේ දී අපයෝජනයට ලක්වන දරුවන්ගේ අනන්‍යතාව හෙළි කරන්න බැහැ - නීතිඥ සංජීවනි

Published in පුවත්
Thursday, 20 June 2024 09:36

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ලිංගික අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට කටයුතු කරන මාධ්‍යවේදින්ට වසර දෙකක කාලයක් සිරදඬුවම් ලබාදීමේ හැකියාව පවතින බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීති අංශයේ අධ්‍යක්ෂ නීතිඥ සංජීවනි අබේකෝන් විසින් පවසා සිටියි.

ඊයේ (19 වැනිදා) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති ළමා අපයෝජන වාර්තාකරණය පිළිබඳව මාධ්‍යවේදින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවේදී නීතිඥවරිය මේ බව ප්‍රකාශ කළාය.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ තුන්සිය හැටපස්වැනි වගන්තියේ සී කොටසට අනුව එම දඬුවම ලබාදීමේ හැකියාව පවතින බවත් එහි දී ඇය විසින් පවසන ලදී.

මෙසේ නීතිමය පියවර ගැනීමට හැකියාවක් පවතින බව බොහෝ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නොදන්නා බවත් ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීමේදී එම ළමුන්ගේ සියලු තොරතුරු සහ ඔවුන් ජීවත්වන නිවසේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන විකාශනය කිරීමට කටයුතු කරන බව ඇය අවධාරණය කළාය. එම නිසා මාධ්‍යවේදීන් ළමුන් සම්බන්ධව සිදුවීම් වාර්තාකරණයේදී ඔවුන්ට කිසිම හානියක් සිදුනොවන ආකාරයෙන් වාර්තා කිරීමට වගබලා ගතයුතු බව නීතිඥවරිය පැවසුවාය.

තවද ජාතික ළමාරක්ෂණ අධිකාරියේ 1929 දුරකථන අංකයට සියයට විස්සක් (20%) ලැබෙන ඇමැතුම් ව්‍යාජ ඇමැතුම් බවද ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us