මහ බැංකුවේ 70%කින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවයි

Published in පුවත්
Thursday, 20 June 2024 10:02

මහ බැංකුවේ සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

එමෙන් ම සේවක අර්ථසාධක අරමුදලින් මහ බැංකු සේවකයන්ට වැඩි පොලියක් ලබා දීම නතර කළ යුතු බවටත් එම අරමුදලින් මෙතෙක් ලබා දුන් වරප්‍රසාද නිවැරදි කළ යුතු බවටත් කමිටුව නිර්දේශ කර තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මුදල් කාරක සභාව විසින් අනුමත කරන ලද එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

කළමනාකරණ සහායක සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු සඳහා මහ බැංකුවේ වැඩ කළ පළියට ඉහළ වැටුප් ලබා දිය නොහැකි බවත් එම තනතුරුවල වැටුප රජයේ එම කාණ්ඩයේ වැටුපට සමාන විය යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙන බව ද සඳහන් කළ සභාපතිවරයා මෙසේද කීවේය.

සිද්ධියට අදාළව කමිටුව විකල්ප පහක් නිර්දේශ කර තිබෙනවා. වසර තුනක සාමුහික ගිවිසුම වැටුප් වැඩි කිරීමට අදාළ නොවන ලෙසට තව වසර දෙකක් දීර්ඝ කිරීමත් එක් නිර්දේශයක්. ඒ වගේම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන වසරේ දී විශ්ලේෂණයක් කරන ලෙසත් නිර්දේශ කර තිබෙනවා.

මූලික වශයෙන් මහ බැංකුව ඉහළ සහ පහළ නිලධාරීන් එක සාමුහික ගිවිසුමක් අනුව කටයුතු කිරීම වැරදි බවත් එම කාණ්ඩ දෙකට බෙදිය යුතු බවත් කමිටුව සඳහන් කරනවා.

අර්ථසාධක අරමුදල ගැනත් වාර්තාව සඳහන් කරනවා. අර්ථසාධක අරමුදලින් පොදුවෙ සාමාජිකයන්ට ලැබෙන ප්‍රතිලාභවලට අමතරව මහ බැංකු සේවකයන්ට විශේෂ වරප්‍රසාද දීම කිසිසේත් නොකළ යුතුව තිබූ දෙයක් බවත් එය නිවැරදි කළ යුතු බවත් වාර්තාව සඳහන් කරනවා. මහබැංකුව වැටුප් වැඩිකර ගැනීමට පෙර රටේ තියෙන තත්ත්වය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබූ බවත් වාර්තාව පෙන්වා දෙනවා. කමිටුවේ මේ නිර්දේශ මුදල් කාරක සභාවේ බහුතරයෙන් සම්මත වෙලා තියෙනවා. මෙම වාර්තාව මුදල් අමාත්‍යාංශයට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

විෂය පථය පුළුල් හෙයින් සම්පූර්ණ විශ්ලේෂණයකට කාලය ප්‍රමාණවත් නොවන බවත් කමිටුව පවසා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද එම කමිටුවේ සභාපති වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි ය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අර්ජුන හේරත්, සුදර්මා කරුණාරත්න,නිහාල් ෆොන්සේකා, අනුෂ්ක විජෙිසිංහ, දුමින්ද හුලංගමුව සහ කේ. වී. සී.දිල්රුක්ෂි එහි සෙසු සාමාජිකයෝ වූහ.

-P.M

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us