පියුමි හංසමාලි ධනවත් වූ හැටි සොයන්න විමර්ශන

Published in පුවත්
Thursday, 20 June 2024 10:19

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දී තිබේ.

ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව අධිකරණයට කළ කරුණු දැක්වීමකදීයි.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ වි තිබිණ.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ ජීප් රථය ඇය රුපියල් ලක්ෂ 780ක් වැය කර එය හිමි පුද්ගලයාගෙන් මිලදී ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබේ.

තව ද ඇය රුපියල් මිලියන 148ක මුදලක් වැය කර කොළඹ 7, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් ද මිලදී ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කර ඇති අතර එම මුදල ඇය අවස්ථා 15කදී 2023 වසර තුළදී ගෙවා ඇති බවත් සදහන්ය.

පියුමි හංසමාලි සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සම පැහැපත් කිරීමට භාවිත කරන ආලේපන නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය දැනුම් දී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකර කඩිනමින් අධිකරණයට විමර්ශනවල ප්‍රගතිය දැනුම්දෙන ලෙස අධිකරණය විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us