ඔඩපණ ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Thursday, 20 June 2024 10:40

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2023/24 මහ කන්නය සහ 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු මඟින් ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2024- 01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ යටතේ 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාවේදී එළඹ ඇති එකඟතාවන්ට අනුව 2024 යල කන්නයේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් වෙත සහභාගිත්ව බැංකු ආයතන හරහා රුපියල් මිලියන 6,000ක ඔඩපණ ණය සහනදායී පොලී අනුපාතයක් මත නිකුත් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ

යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- ලංකාදීප

Last modified on Thursday, 20 June 2024 10:42

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us