බදු ගෙවීම් වැඩියෙන්ම පැහැර හැර ඇත්තේ රාජ්‍ය ආයතන

Published in පුවත්
Friday, 21 June 2024 21:40

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පවසයි. මෙම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1000 ක් (රුපියල් ට්‍රිලියනයක්) පමණ වන අතර ඒ අනුව විශාලම බදු පැහැර හැරීම සිදු කර ඇත්තේ රාජ්‍ය ආයතන විසින්ය.

 

"ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලත් දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා. විපක්ෂය දැන් කියන්න උත්සාහ කරනවා මේ අයකර ගන්න තියෙන දේවල් අයකර ගන්නේ නැතුව අලුත් දේවල් කරන්න හදනවා අපි හිටියා නම් ඔහොම නෑ කියන්නනේ ඔය උත්සාහය. ඕක සරල තර්කයක්.

රජය හැටියට පැහැදිලිවම කියන්න ඕනේ ඔව් හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක අපේ රටේ බදු නීතියේ තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකයේම තියෙනවා. රජය විසින් බද්දක් ගෙවන්න කිව්වහම, නීතිය ඉදිරියේ ගිහින් අභියාචනා කරනවා, රජය කිව්වට අපිට මේක ගෙවන්න බෑ කියලා. අධිකරණයෙන් අධිකරණයට යන්න සමස්ත ජනතාවට අයිතියක් තියෙනවා. ඒ තුළ තියෙන ඒවා තමා මෙතැන වැඩිපුර තියෙන්නේ. දෙවැනි එක රජයේ ආයතන ගෙවන්න තියෙන බදු. මම කියන්න ඕනේ හිඟ බදු අයකර ගැනීමට රජයට තියෙන සියලු බලතල මේ යුගයේ තරම් ක්‍රියාත්මක කරපු යුගයක් තවත් නෑ."

මේ අතර රුපි­යල් බිලි­යන 1,000 ඉක්මවූ හිඟ බදු මුද­ලක් අය­කර ගැනීම සඳහා ගත යුතු පිය­වර කව­රේද යන්න පිළි­බඳ සාරාංශ වාර්තා­වක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා පසුගිය ජුනි 10 වනදා ප්‍රකාශ කර තිබිණි.

වග­කි­ව­යුතු නිල­ධා­රීන් ආදා­යම් එකතු කිරීම පැහැර හැර ඇති බවට වන චෝදනා ඉදි­රි­පත් වුවද මේ වන විටත් මෙම වසරේ ඉලක්ක ගත ආදා­යම ඉක්මවා යාමට දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව, රේගුව ආදී ආය­තන කට­යුතු කර ඇති බව ද ඒ මහතා මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් කීවේය.

යම් යම් නිල­ධා­රීන් සහ පුද්ග­ල­යන් අතින් එවැනි වැරදි සිදු­වන බව සත්‍ය­යක් වුවද සම­ස්ත­යක් ලෙස නිල­ධා­රීන් තම වග­කීම ඉටු­කර ඇති බව පෙන්වා­දෙන ඇම­ති­ව­රයා, කෙසේ වෙතත් මෙත­රම් හිඟ බදු ප්‍රමා­ණ­යක් ඇති­වී­මට සාධා­රණ හේතු ඇති බව සඳ­හන් කළේය.

එහිදී බදු අභි­යා­චනා ක්‍රියා­ව­ලිය මෙන්ම රජය විසින් රාජ්‍ය ආය­ත­න­ව­ලට ගෙවිය යුතු බදු ප්‍රමා­ණය ද මේ සඳහා බල­පාන බව සඳ­හන් කරන සිය­ඹ­ලා­පි­ටිය මහතා, ඒ අනුව මෙම හිඟ බදු නැවත අය­කර ගැනීම සඳහා පව­තින අධි­ක­රණ ක්‍රම­වේ­දය ඉක්මන් කිරී­මට ගත හැකි පිය­වර හා රාජ්‍ය ආය­ත­න­ව­ලින් අය­විය යුතු බදු ප්‍රමා­ණය අය­කර ගැනී­මට හෝ ඒවා ඉවත් කිරී­මට ගත හැකි පිය­වර කවරේ ද යන්න පිළි­බඳ වාර්තා­වක් ද තමන් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ බව ද ප්‍රකාශ කළේය.

සම­හර හිඟ බදු වසර 25 ක පමණ සිට පැවත එන හිඟ­යන් බව පව­සන ඒ මහතා එම ගැට­ලු­ව­ලට පිළි­තුරු සොයන විද්‍යා­ත්මක ක්‍රමය පිළි­බඳ සාරාංශ සට­හන පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළද, ඒ පිළි­බඳ විස්ත­රා­ත්මක සට­හ­නක් ඉදිරි පාර්ලි­මේන්තු අව­ස්ථා­වක පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට සක­ස්කර ඇතැයි ද සඳ­හන් කළේය.

පසුගිය අප්‍රේල් 01 වෙනිදා ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක් (රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත කරමින් එහි සභාපති පාඨලී චම්පික රණවක කියා සිටියේය.

මේ වසරේ ජනවාරී පළමු වැනිදා වැට් බදු වැඩි කිරීම සිදු කළේ රු.බි. 600 ක් රජයට එකතු කර ගැනීමේ අරමුණෙන් බවත්, පසුගිය අවුරුදු පහ තුළ ඉහත ආයතන විසින් එකතු කර නොගත් බදු ආදායම් ප්‍රමාණය රු. බි. 656 ක් බව ද ඔහු පැවසීය.

කෝටි 100 ට වැඩි බදු පැහැර හැර ඇති ප්‍රමාණය 92ක් බවත්, කෝටි 50-100 අතර 104 දෙනෙකු සිටින බවත්, මිලියන 300-400 අතර 57 දෙනෙකු සිටින බවත්, මිලියන 50-100 අතර 630 දෙනෙකු සිටින බවත් මිලියන 10 - 50 අතර 3108 දෙනෙකු සිටින බව ද සභාපතිවරයා හෙළි කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us