ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින්ට තවදුරටත් අවස්ථාව

Published in පුවත්
Saturday, 22 June 2024 10:58

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය.

මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණූ බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කල බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us