ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වර්ජනය අවසන් කරයි

Published in පුවත්
Tuesday, 25 June 2024 08:33

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල සඳහන් කළේ, ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවය.

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිතර වීමට තීරණයය කර තිබිණි.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට හැකි වූ බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලීකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේය.

අ‍ග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවට විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින්ද සහභාගී වී සිටි අතර එහෙත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව විධායක නිලධාරීන් අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us