වල්ලපට්ට ශාකය කෘෂි භෝගයක් කිරීමට සැරසෙයි

Published in පුවත්
Tuesday, 25 June 2024 16:07

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුළුල් පරාසයක් තුළ අපනයනය වර්ධනය කිරීමට උත්සාහ නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කාරක සභාවේ අප්‍රසාදය පළ විය. විශේෂයෙන්ම කාරක සභාව පෙන්වා දුන්නේ 2016 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුව කෝපා කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී එම වර්ෂයේදී ඩොලර් බිලියන 0.5 ක පවතින අපනයන ආදායම 2020 වර්ෂය වන විට ඩොලර් බිලියනය දක්වා වැඩිකරගැනීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් කළ බවයි. නමුත් සතුටුදායක මට්ටමෙන් එය ඉටුවී නොමැති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. එසේම මේ වන විටත් අපනයන ආදායම වැඩි කර ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් නොදරණ බව මෙහිදී කාරක සභා‍ව සඳහන් කළේය.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කලාප වශයෙන් වැඩි ඵලදායීතාවක් සහිත භෝග හඳුනාගෙන ඒවා වගාකිරීමට මේ වන විට සැලසුම් සකස් කොට ඇති බවයි. මේ අනුව මේ සම්බන්ධයේ වාර්තාවක් ජූලි 31ට පෙර කාරක සභාව වෙත ලබාදීමට මෙහිදී නිර්දේශ කළේය.

එසේම වල්ලපට්ට ශාකය ප්‍රවර්ධනය සම්බන්ධව ඇති ගැටලු පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී කාරක සභාව විමසා සිටියේ වල්ලපට්ට ශාකයේ පවතින වැදගත්කම කුමක්ද යන්නයි. එසේම මෙය පරිසරයට හානි කර ශාකයක්දැයි කාරක සභාව විසින් විමසා සිටින ලදි. පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ සුවඳ විලවුන් කර්මාන්තය සඳහා මෙම ශාකය යොදාගත් බවත් මේ වන විට පෙර පැවති ඉල්ලුම අඩු වි ඇති බවත්ය. එසේම මෙම ශාකය වගාකිරීමෙන් පරිසර හානියක් සිදු නොවන බව පෙන්වා දුන් පැමිණ සිටි නිලධාරීන් කෘෂි භෝගයක් ලෙස මෙම භෝගය වගාකිරීමට සුදුසු භෝගයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

තවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ වන විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් හා කළමනාකරණ විගණන කමිටු රැස්වීම් පැවැත්වීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කාරක සභාව විසින් මෙහිදී නිලධාරීන්ගෙන් විමසන ලදි. මේ අනුව කමිටුව උපදෙස් ලබා දුන්නේ ජූලි මාසය ඇතුළත දිස්ත්‍රික්ක 25හි කළමනාකරණ විගණන කමිටු කැඳවීමට කටයුතු කරන ලෙසයි.

එසේම ගොවිජන සංවර්ධන සභා ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන්ද වාර්තාවක් ජූලි 15 දිනට පෙර කාරක සභාවට ලබාදෙන ලෙස මෙහිදී නිර්දේශ කළේය.

මීට අමතරව කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ආකාරයේ වාර්තාවක් කාරක සභාවට ලබාදීමටද මෙහිදී දැනුම් දෙන ලදි.

මෙහිදී කාරක සභාව අවසන් කරමින් කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ විගණකාධිපති ලුහුඩු සටහනෙහි අඩංගු සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් එළඹෙන ජූලි 26 දින නැවත කාරක සභාව රැස් වී සාකච්ඡා කරන බවයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, (අචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, වීරසුමන වීරසිංහ, මංජුලා දිසානායක සහ මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us