ජනපති රනිල්ගේ ප්‍රකාශය 2 වෙනිදා  

Published in පුවත්
Tuesday, 25 June 2024 18:29

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බව වාර්තා වේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බව පැවසේ.

ජනාධිපතිවරයාට ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු එදින රටේ ආර්ථික තත්ත්වය, බංකොලොත්භාවය යනාදී කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබුණේ ලබන 9 වැනිදාය.

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ රැස්වන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටී.

එසේම ලබන 2 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන28 සිකුරාදා පැවැත්වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us