ගුරු - විදුහල්පතිවරු ලෙඩ වෙයි

Published in පුවත්
Wednesday, 26 June 2024 08:51

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය විසින් පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ මැදිහත්වීම මත සියලුම ගුරු - විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බව වාර්තාවේ.

අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා තිබිණි.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති එච්.ඒ.එල් උදයසිරි පැවසීය.

කෙසේ වෙතත් ජෝසප් ස්ටාලින් පාසල් වෙත ගොස් පවසා ඇත්තේ ගුරුවරුන්හට අද දිනයේ පාසල් නොපැමිණෙන ලෙසයි.

දරුවන්ගේ දෙවන පාසල් වාරය ආරම්භ සමග මෙලෙස ගුරු - විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us