මූදු වතුරෙන් වාහන දුවයි

Published in අනං මනං
Friday, 05 September 2014 19:57

මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.

‘‘කුවාන්ට් - ඊ - ස්පෝර්ට්ස් ලිමොසින්‘‘ නම් වන මෙම මෝටර් රථයට අශ්ව බල 920 ක ජවයක් ඇතැයිද තත්ත්පර 3 කදී පැයකට කිලෝමීටර 100 ක වේගයක් අත් කර ගැනීමට හැකියාව ඇතැයිද සදහන්ය.

මෝටර් රථය ජව ගැන්වෙන්නේ එහි රෝද 4 කට සවිකර ඇති ප්‍රබල මෝටර 4 කිනි.

මෙම මෝටර ක්‍රියාත්මක වීමට අවැසි විදුලි බලය ලබාගන්නේ මුහුදු ජලය යොදාගෙනය.මුහුදු ජලය විශේෂ පටලයක් හරහා ගමන් කරවීමට සළස්වා එය ආධාරයෙන් විදුලිය නිපදවා ගැනෙන බව නිර්මාපකයෝ කියති.

මුහුදු ජලය ගබඩා කර තබා ගැනීම සදහා ලීටර 200 ටැංකි 2 ක් මෝටර් රථයේ තිබෙන අතර ටැංකි සම්පූර්ණයෙන් පිරවූ පසු රථය කිලෝමීටර 600 ක දුරක් නොනවත්වා ධාවනය කළ හැකියැයි පැවසේ.

නුදුරේදීම මෙම මෝටර් රථය පරීක්ෂණ සැසි සදහා යුරෝපයේ මාර්ග වල ධාවනයේ යෙදවීමට නියමිතය.

තාක්ෂණය සුපිරි නිසාම මිලද සුපිරි තලයේ වනු ඇතැයි සැළැකෙන අතර දැනට මෙවන් මෝටර් රථයක මිල පවුම් ලක්ෂ 10 ක් පමණ වනු ඇතැයි මත පළවී තිබේ.

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us