අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන්න ජපානය සැරසේ

Published in පුවත්
Friday, 28 June 2024 14:59

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි.

අද (28) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශ්වික ණයහිමියන් සමග අත්සන් තැබීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය අඛණ්ඩ සහාය ලබාදෙන බවද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි,

"එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවට ණය අර්බුදය විසදීමට සහාය වීම සඳහා ජපානය උපරිම අන්දමින් කටයුතු කරනවා. අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබූ වහාම මෙරට ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා මුදල් යෙදවීම වේගවත් කිරීමට අප උත්සාහ කරනවා. මූල්‍ය අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට අබණ්ඩව සහාය වනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us