විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් වලට බලධාරීන්ගේන් සුබවාදී ප්‍රතිචාර

Published in පුවත්
Tuesday, 02 July 2024 09:30

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.

සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත සඳහන් කළේය.

"අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට කියලා එතුමා කිව්වේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩවර්ජනයට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. යම් විදිහකින් පාලන අධිකාරිය මේ සඳහා සාධනීය විසඳුමක් දීමට අපොහොත් වුණොත් අනිවාර්යෙන්ම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා."

මේ අතර සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ඉදිරිපිට අද (02) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වන බව ගුරු වෘත්තීය සමිති පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us