සුරාබදු ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක්

Published in පුවත්
Wednesday, 03 July 2024 09:39

පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක් බවත් 2024 ජූනි 30 වන විට රැපියල් බිලියන 105ක අදායමක් ලබා ඇති බවත් සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි සදහන් කර සිටියේය.


වැඩිදුරටත් අදහස් දැක්වූ එම් ජේ. ගුණසිරි, 

"සුරාබදු දෙපාර්තමේන්තුව 2024 ජූනි 30 වන විට අපි ප්ලෑන් කරපු විදියට රුපියල් බිලියන 105ක් අපි හොයාගෙන තියෙනවා. ඒක ගිය අවුරුද්දේ මේ කාලය වෙද්දි රුපියල් බිලියන 88යි අපි හොයාගෙන තිබුණේ. එතකොට අපි රුපියල් බිලියන 17ක වර්ධනයක් අපි අත්පත් කරගෙන තියෙනවා.අපි බලාපොරොත්තු වුණා බිලියන 20ක වර්ධනයක් මේ මාස 6 ඇතුළත. තිබුණු ස්වභාවික විපත් හේතුවෙන් අපේ ප්‍රධාන නිෂ්පාදනාගාරයක ප්‍රශ්න කිහිපයක් ඇති වුණා. ඒ නිසා අපිට බිලියන 3ක විතර හානියක් වුණා. එහෙම නොවෙන්න අපි සැලසුම් කරපු විදියට බිලියන 107ක ඉලක්කයකට යනවා. ඒ අනුව 20%කට ආසන්න වර්ධනයක් අපි ගිය අවුරුද්දට සාපේක්ෂව අත්පත් කරගෙන තියෙනවා. එය සුවිශේෂී ජයග්‍රහණයක්."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us