කොළඹ වරාය හරිත වරා­යක් කිරී­මට රජය සැලසුම් කරයි

Published in පුවත්
Friday, 05 July 2024 09:46

කොළඹ වරාය හරිත වරා­යක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට රජය සැල­සුම් කර තිබේ.

ලෝකයේ රට­වල තිබෙන ප්‍රධාන වරා­යන් හරිත වරා­යන් බවට පත්වී­මත් සමඟ කොළඹ වරාය ද කඩි­න­මින් හරිත වරා­යක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට රජය තීර­ණය කර ඇති අතර, ඒ අනුව ලබන 2025 වසර වන­විට මේ සඳහා වරාය, නාවික හා ගුව­න්සේවා අමා­ත්‍යාං­ශය සියලු පිය­වර ගැනී­මට සැල­සුම් කර ඇත.

හරිත වරාය සංක­ල්පය ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව ලෝකයේ ප්‍රධාන රටක් වන චීන රජය කොළඹ වරාය සඳහා අදාළ තාක්ෂ­ණය දීමට සිය කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව චීනයේ ෂැංහායි නාග­රික ප්‍රවා­හන කොමි­සමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වොන්ග් ෂියාඕ ජී ඇතුළු නියෝ­ජිත පිරි­සක්, වරාය නාවික හා ගුව­න්සේවා ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා ඇතුළු අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් සමඟ විශේෂ සාක­ච්ඡා­වක් එම අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්විණි.

මේ සාක­ච්ඡා­වේදී දෙපා­ර්ශ්වය විසින් වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ දෙර­ටට බල­පාන ගැටලු පිළි­බ­ඳව සාකච්ඡා කළ අතර, නාවික භාණ්ඩ සහ බහා­ලුම් ප්‍රති අප­න­ය­නය කිරී­මට කොළඹ වරාය වැඩි වශ­යෙන් පරි­හ­ර­ණය කිරී­මට ද කැමැත්ත පළ කර තිබේ.

මෙහිදී නිබ­ඳව ශ්‍රී ලංකාවේ සංව­ර්ධන කට­යුතු සහ විශේ­ෂ­යෙන් නාවික හා ගුව­න්සේවා ක්ෂේත්‍රයේ කට­යුතු සඳහා දෙන සහාය පිළි­බ­ඳව චීන රජ­යට සිය කෘත­ඥ­තාව පළ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us