ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට  

Published in පුවත්
Saturday, 06 July 2024 11:44

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙසේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ නිල ණය හිමියන්ගේ කමිටුව අතර පසුගිය ජුනි මස 26 වැනිදා එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා රජය සහ චීන අපනයන හා ආනයන බැංකුව අතර පසුගිය ජුනි මස 26 වැනිදා එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධනය කිරීමේ ගිවිසුමයි.

මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී ලබන සතියේදී අනුමත කිරීමට නියමිතය.

මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී මීට පෙර අනුමත කිරීමට නියමිතව තිබුණත් විපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු දැක්වීම හේතුවෙන් විවාදයට ගැනීම කල් ගියේය.

මෙම ගිවිසුම් දෙක ක්‍රියාත්මක කිරීම සඳහා සියලු අවසර මුදල් අමාත්‍යවරයාට ලබාදීම මෙම යෝජනා සම්මතයේ අරමුණයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us