බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලංකාවේ මන්ත්‍රීවරිය

Published in පුවත්
Saturday, 06 July 2024 19:19

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පෙරේදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන්, ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බවට පත්ව ඇත.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ.

මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතරට කාන්තාවන් 11 දෙනෙකුද අයත් වන අතර කැබිනට් මණ්ඩලයේ ඉහළම ධුර ද්විත්වයක් වන උප අගමැති ධුරය සහ පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරයද හිමිව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකුට වීම විශේෂත්වයකි.

ඒ අනුව, 2015 වසරේදී කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇන්ජේලා රේනර් හට බ්‍රිතාන්‍ය උප අගමැති ධුරය හිමි විය.

රේචල් රීව්ස්හට පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරය හිමිවූ අතර ඇය වාර්තා අතරට එක්වන්නේ එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසය.

- දිනමිණ

Last modified on Saturday, 06 July 2024 22:25

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us