මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේත්‍ර 14ක් අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා යොමුකරගෙන තිබෙනවා - රංජිත් සියඹලාපිටිය

Published in පුවත්
Monday, 08 July 2024 14:40

මෙතෙක් කලක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේතු 14 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


අමාත්‍යවරයා සඳහන් කළේ බදු ගෙවිය යුතු අංශ පිලිබඳව මේ ආකාරයෙන් අවධානය යොමුකළ වකවානුවක් කෙදිනකවත් නොතිබූ බවයි.
ඒ අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට ඉඩදී නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය.
අනිවාර්යෙන්ම බදු ගෙවිය යුතු පෞද්ගලික පාසැල්, පෞද්ගලික උපකාරක පංති, මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන, ඉංජිනේරු සේවා, නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදී ක්ෂේත්‍රවලින් බදු අය නොකරන බවට ඇතමුන් සඳහන් කළ ද , ගිය වසරේ සිට අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බවට අලුතෙන් ගෙන ආ ක්ෂේත්‍රයන් 14ට පෙරකී ව්‍යාපාර ක්ෂේත්‍ර සියල්ල ඇතුළත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව එම ක්ෂේත්‍රවලට අදාලව ලියාපදිංචි වූ අයගේ ආදායම් පිලිබඳ දැඩි විමර්ශනයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බවද ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව කෙටි කලක් තුළ දල දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.3 % කට පහත වැටී තිබූ රාජ්‍ය ආදායම 11 % ඉක්මවූ අගයකට ගෙන ඒමට හැකි වූයේත් ඒ මගින් ප්‍රාථමික ගිනූමේ ධන ශේෂයක් පවත්වා ගැනීමට හැකිවූයේත්, පෙරකී ක්ෂේත්‍රයන් පිළිබඳව දැඩි විමර්ශනයක් සිදු කොට ඒවායේ ආදායම එකතු කර ගත් නිසා බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය.
සමහර ව්‍යාපාරවල තමන්ගේ නිසි ආදායම අවප්‍රමාණය කර පෙන්වීමටත් , වියදම අධි ප්‍රමාණය කර පෙන්වීමටත් ඇති යම් යම් අවස්ථා සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ස්වයං කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල තිබෙන යම් යම් අඩුපාඩු තවදුරටත් නිවැරදි කිරීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා එහි දී පවසා සිටි අතර , ඒ සඳහා රැමිස් ව්‍යාපෘතිය සෑම තැනකටම ව්‍යාප්ත කරමින් පවතින බව ද සඳහන් කළේ ය.

Last modified on Monday, 08 July 2024 14:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us