ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීමට පාර්ශව තුනක් මැතිවරණ කොමිසමට

Published in පුවත්
Tuesday, 09 July 2024 08:00

ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව තිබේ.

පොලිස්පතිවරයා ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වන දිනෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතර ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව මැතිවරණය සදහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම වියදම් කළ හැකි මුදල සීමා වන බවය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඇප මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට ද සැලසුම් කර ඇති බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us