වෙඩි තැබීමට අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනා ගැනත් සෙවිල්ලෙන්

Published in පුවත්
Tuesday, 09 July 2024 10:26

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය.

අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් "ක්ලබ් වසන්ත" ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

එම වෙඩි තැබීමේ සිද්ධියෙන් ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.

පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබේ.

මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගිය වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අදාළ වෑන් රථය සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

අදාළ වෙඩි තැබිම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල ප්‍රදේශයේ දී සොයාගනු ලැබීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us