කේ. සුජීවා යහපත් අතට

Published in පුවත්
Tuesday, 09 July 2024 12:09

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවාට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව වාර්තතා වේ

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගායන ශිල්පිණී කේ. සුජීවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර පාදවලට බරපතළ තුවාල සිදුව තිබීම හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් එම ශල්‍යකර්මයට සහභාගි වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කර සිටියා.

එම ශල්‍යකර්මයෙන් පසුව ඇයව සාමනය වාට්ටුවකට ඇතුළත් කළ බවත් ඇයගේ තත්ත්වය මේ වන විට යහපත් බවත් කකුල කපා දැමීමෙන් තොරව බේරාගැනීමට හැකි වූ බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කර සිටියේය.

මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබු සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us