ලංකා වාණිජ මණ්ඩලයෙන් සියයට 6.5 ක ආර්ථික වර්ධන ඉලක්කයක්    

Published in පුවත්
Tuesday, 09 July 2024 19:49

වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

‘විෂන් 2030’ මඟින් මීළඟ වසර පහ තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කුමන දිශාවට ගමන් කළ යුතුද යන්න විග්‍රහ කර ඇති අතර ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය මෙන්ම එමඟින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පෙන්වා දී තිබේ.

දළ දේශීය නිෂ්පාදිතයේ 6.5% ක වර්ධන වේගයක් අත්කර ගැනීම, උද්ධමනය සහ විරැකියා අනුපාතය 5%ක් දක්වා අඩු කරලීම අරමුණු කර ගනිමින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා දියුණු කිරීමත්, කෘෂිකර්මාන්තය සහ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී මෙම ලේඛනය සකස් කර ඇත.

ඒ වෙනුවෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය, නියාමන ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් ආයෝජන සහ දේශගුණික විපර්යාස යන අංශයන් වල සූදානම් කළ යුතු ආකාරය ද මෙමඟින් පැහැදිලි කර තිබේ.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමල් තෙවරතන්ත්‍රි, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික සුපුන් වීරසිංහ, මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා,නියෝජ්‍ය මහලේකම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අලිකී පෙරේරා, සංජය ආරියවංශ සහ මංජුල ද සිල්වා යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us