වෙඩි පහරින් මිය ගිය සුජීවාගේ සැමියාගේ අවමංගල්‍ය කටයුතු දරුවන් භාරගන

Published in පුවත්
Wednesday, 10 July 2024 10:10

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.

එසේ ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල විජේසූරිය නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි.

ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූණි.

කෙසේ වෙතත් නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායන ශිල්පිනී කේ. සුජීවාට භාර දී තිබේ.

මෙම වෙඩි තැබිමෙන් තුවාල ලැබු කේ. සුජීවා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිසා ඇගේ දියණියන් දෙදෙනා විසින් දේහය භාරගෙන තිබෙන බවට වාර්තාවේ.

නයන වාසුල සහ කේ. සුජීවා 2021 වසරේ විවාහා වී තිබෙන බවට පැවසේ.

නයන වාසුල නැමැත්තා කලකට ඉහත දී පැවිදි ජීවිතයක් ගත කරමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව තුල සම්බුදු දහම කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කල ගම්පහ මහානාම හිමි නමින් සිටිමින්, පසුව ගිහි ජීවිතයට පත්විය.

ඔහුගේ දේහය මාලඹේ බස් නැවතුම්පල අසල චන්ද්‍ර පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද(10) සවස 4.00ට අවසන් කටයුතු සිදු කෙරේ.

 
 

 
Last modified on Wednesday, 10 July 2024 10:28

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us