වාහන ආනයනය ගැන අලුත්ම කතාව

Published in පුවත්
Wednesday, 10 July 2024 13:20

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එමෙන්ම ඔහු පවසා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවය.

"අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට... පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් සුවිශේෂි අනුපිළිවෙක් කොහොමද අපි වාහන ආනයනය ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවී."

"අපි පැහැදිලිව කියලා තියෙනවා තුන්වෙනි කාර්තුව ආරම්භ කරලා පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, මේ වෙනකොට භාවිතා කරන විකල්ප, සාමාන්‍ය වාහන ඉන් එහාට යනවා කියලා. හැබැයි එය ඉතාමත් පිළිවෙළකට මේ වාහන ආනයනය කිරීම සාමන්‍ය ජනතාවට තියෙනවා වගේම මේ තුළින් තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඉතාම ගැලපෙන ක්‍රමවේදයක් තුළ මේක විවෘත කරන්න අපි බලාපොරෝතතු වෙනවා."

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us