කෝටි 10 ක පාඩු ලබමින් දුම්රිය වර්ජනය තවමත්

Published in පුවත්
Thursday, 11 July 2024 15:09

දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (11) පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණ වන බවයි.

එමෙන්ම එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 ක් පමණ වන බවත් එම නිලධාරියා පවසා සිටියේය.

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමඟ ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රියවල ගිය මගීන්ගෙන් ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බව කී එම නිලධාරියා වර්ජනය අඛණ්ඩව පැවතුණ හොත් අලාභය තවත් වැඩි වන බව ද සඳහන් කළේය.

එමෙන්ම  දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති කීපයක් සහ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක්  පවසා තිබේ.

දුම්රිය වෘත්තිය සමිති රැසක ප්‍රධානීන් ස්ථානාධිපති සංගමය සමඟ සාකච්ඡා කළ බවත් ආණ්ඩුව තව දුරටත් මර්දනය යොදාගන්නේ නම් සමස්ත දුම්රිය පද්ධතියම අකර්මණ්‍ය කිරීමට පසුබට නොවන බවත් එම නිලධාරියා කීය.

තැපැල් සහ අධ්‍යාපන යන සේවාවල ප්‍රධාන වෘත්තිය සමිති කීපයක නියෝජිතයන් ද සාකච්ඡා කළ බව කී එම නිලධාරියා පැවසුවේ දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වර්ජනයට සම්බන්ධ දුම්රිය සේවකයන්ට සහය දැක්වීමට එම වෘත්තිය සමිති සූදානම් බවත්ය.

දුම්රිය වර්ජනයෙන් මගී ජනතාව අපහසුතාවට පත්වීමේ වගකීම දුම්රිය බලධාරීන් සහ ආණ්ඩුව ගතයුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us