අද මැදියම් රැයෙන් පසු ජනාධිපතිවරණයේ දින ගැන ප්‍රකාශයට මැතිවරණ කොමිසමට බලය හිමි වේ !

Published in පුවත්
Tuesday, 16 July 2024 09:02

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර අද පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇත්තේ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට මුදල් ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව සභාපතිවරයා පැවසීය.

මුදල් අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති බවයි.

ජනාධිපතිවරණ වියදම් වෙනුවෙන් මුදල් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක මුදල් නිකුත් කිරීමට හැකි බව එහි ජ්‍යෙෂ්‍ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us