මොනරාගල නීති විරෝධී පක්ෂ කාර්යාල හැමතැනම -කැෆේ

Published in පුවත්
Sunday, 07 September 2014 19:49

මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ පවතින සියලු නීති විරෝධී පක්ෂ කාර්යාල වහා ඉවත් කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නිල වශයෙන් පක්ෂ කාර්යාල 219ක් විවෘත කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.

 එහෙත් මේ වන විට මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ගේ කාර්යාල 970කට වැඩි ප‍්‍රමාණයක් පවත්වාගෙන යනු ලබයි.


එක්සත් ජාතික පක්ෂයට කාර්යාල 163ක් පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දී ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණට කාර්යාල 73ක් සඳහා අවසර ලබා දී ඇත.

 කෙසේවෙතත් නීති විරෝධී පක්ෂ කාර්යාල සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කැෆේ සංවිධානය නිකුත්කල නිවේදනයේ මෙසේද සඳහන්වේ. 

එජනිස යේ බුත්තල - කතරගම රජ මාවතේ පිහිටි කාර්යාලය දෙකකට ඊයේ ප්‍රහාර එල්ල වී ඇත. 


මේ දක්වා මොණරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලට පහරදීම්, තර්ජන කිරීම් 52 ක් වාර්තා වී ඇත. 


මොරණාගල ප්‍රචණ්ඩක්‍රියා වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නීති විරෝධී පක්ෂ කාර්යාල ආශ්‍රිතව බැවින් මෙම කාර්යාල සියල්ල වහා ඉවත් නොකරන්නේ නම් මැතිවරණය  ආසන්නයේ තව දුරටත් ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීම වැලැක්විය නොහැකිය.

එජාපයට කාර්යාලය 163 ක් සදහා ද, ජනතා විමුක්ති පෙරමුණට කාර්යාල 73 ක් සදහා ද එක්සත් ලංකා   පක්ෂය සදහා පක්ෂ කාර්යාල 105 ක් ද,  කම්කරු පක්ෂය සදහා කාර්යාලය  133 කට මැතිවරණ කොමසාරිස්වරයා ගේ නිල අනුමැතිය ලැබී තිබේ.  තවත් ස්වාධීක කණ්ඩායම් කණ්ඩායම් ගණනාවකට ද කොමසාරිස්වරයා අනුමැතිය ලබාදී ඇත.


දිගින් දිගටම එල්ල වන ප්‍රහාර හා ප්‍රචාරක පුවරු ගිණි තැබීම් හේතුවෙන් එජාපය හා ජවිපෙ තමන්ට අනුමැතිය ලත් කාර්යාල ප්‍රමාණය පවා පවත්වාගෙන නොයන තත්වයක් මේ වන විට මතුව තිබේ. 


එජනිස විසින් 2014 සැප්. 6 දින වන විට නීති විරෝධී කාර්යාල 970 ක් පමණ පවත්වාගෙන යයි.  මෙයින් බහුතරය කටවුට් කිහිපයක් සහ කොඩි වැල් කිහිපයකින් යුතු හුදු ප්‍රචාරක උපක්‍රම මස ප්‍රචාරක කටයුතු සිදුකරන කාර්යාල නොවේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  විසින් සැප්. 5 සහ 6 දිනවල පමණක් මොණරාගල දී පක්ෂ කාර්යාල 320 ක් පමණ ඉවත් කොට ඇත. 

පොලීසිය විසින් මොණරාගල කිසිදු නීති විරෝධී කාර්යාලයක්, කටවුට් හෝ පෝස්ටර් ඉවත් නොකරන තත්වයක් මේ මැතිවරණය පුරාම පවතී.

මෙවර මැතිවරණයේ මේ දක්වා කැෆේ සංවිධානය වෙත පැමිණිලි 264  ක් ලැබී ඇති අතර එයින් පැමිණිලි  193 ක් වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙනි. 


මැතිවරණ කාර්යාලයවලට පහරදීම්, ගිණිතැබීම් සහ තර්ජනය කිරීම් පිළිබද පැමිණිලි  52 ක් ද කැෆේ සංවිධානය වෙත ලැබී ඇත.

unnamed1

unnamed

2

3

Last modified on Sunday, 07 September 2014 20:47

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us