කොළඹ මහල් නිවැසියන්ට හෙට රන්දොර උරුමයෙන් ඔප්පු

Published in පුවත්
Tuesday, 16 July 2024 15:09

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 180කට හෙට (17) ඔප්පු ප්‍රදානය කෙරෙන බව වාර්තාවේ.

කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50, 000කට හිමිකම් ඔප්පු ලබාදීමේ "රන්දොර උරුමය" වැඩ සටහන යටතේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ,සුගතදාස ⁣ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඔප්පු ප්‍රදානය සිදු කෙරෙයි.

මෙහි පළමු අදියර ය⁣ටතේ "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු 1117ක් ලබාදීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස තිස් එකක නිවැසියන්ට මෙම "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු  ලබාදීමට නියමිතය. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us