මේ මාසේ විදුලි බිල අඩු වෙන්නේ නෑ Featured

Published in පුවත්
Wednesday, 17 July 2024 10:40

විදුලි බිල අඩුකිරීමේ සහනය අගෝස්තු මාසයේ සිට පාරිභෝගිකයන්ට හිමිවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු  පවසා තිබේ. 

ඒ මේ මාසයේ දින ගණනාවක් අවසන් වී ඇති බැවින් නිසි ලෙස විදුලි ගාස්තු අයකර ගැනීමට නොහැකි නිසාය.

ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු 22.5% අඩුකිරීමට තීරණය විය.

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 30ක් භාවිත කර නිවසකට ලැබුණු රුපියල් 390ක් වූ විදුලි බිල රුපියල් 280ක් දක්වා අඩුවෙයි.

ඒකක 60ක් භාවිතා කර නිවසකට ලැබුණු රුපියල් 1140 විදුලි බිල රුපියල් 700ක් දක්වා අඩු වෙයි .

මෙතෙක් ඒකක 90ක් භාවිතා කර නිවසකට ලැබුණු රුපියල් 2800 විදුලි බිල රුපියල් 1840 දක්වා අඩුවෙයි.

ඒකක 180ක් භාවිතා කර නිවසකට ලැබුණු රුපියල් 8400ක් වූ විදුලි බිල නව සංශෝධනය යටතේ රුපියල් 6360ක් දක්වා අඩුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us