බේකරි හිමියන් පාන් මිල අඩු නොකළොත් පාලන මිලක් හදුන්වාදීමට පියවර

Published in පුවත්
Tuesday, 23 July 2024 10:11

බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

බේකරි හිමියන් විසින් ඉදිරි දින දෙක තුළ පාන් මිල අඩු නොකළහොත් එම පාලන මිල හඳුන්වා දෙන බව ඊයේ දින  (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා පවසා සිටියේය,

"මම බේකරි හිමියන් හම්බ වුණා. එහිදී කිව්වා පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න කියලා. ඒ අය දවස් කිහිපයක් ඉල්ලුවා. මම ඒ අයට පැහැදිලිව කිව්වා මම දවස් දෙකක් හරි තුනක් හරි දෙන්නම් ඒ දවස් දෙකෙන් තුනෙන් මේකේ මිල අඩුරන්න තීන්දුවක් ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම ඊට එහා තීන්දුවලට යනවා. විශේෂයෙන්ම පාන් ජාති අද ගොඩක් තියෙනවා එක එක නම් දා ගෙන. මේ සියලු පාන්වලට මිනිස්සුන්ගෙන් එක එක ගණන් ගන්නවා. මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මම ඒ අයට කිව්වා සැන්විච් පාන් හෝ වේවා සාමාන්‍ය පාන්ගෙඩියක් හෝ වේවා මේ සියලු දේට මිල අඩු කෙරුවේ නැත්නම් ඉදිරි දවස් දෙකක තුනක් ඇතුළත අනිවාර්යෙන් පාලන මිලක් ගේනවා. ඒ පාලන මිල තුළ රටේ ජනතාවට ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රටේ ජනතාවට දරාගන්න පුළුන් මිලකට ලබා දෙන්න කටයුතු කරනවා."

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us