පාන් මිල ගැන තීරණය හෙට දිනයේ

Published in පුවත්
Thursday, 25 July 2024 10:05

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා තිබේ.

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ දී පැවති බව එහි සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේය.

එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් එහි දී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වු බව එන්.කේ ජයවර්ධන සඳහන් කළේය.

පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු  පසුගිය දා ප්‍රකාශ කළේය.

ඒ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදකයින්ගේ අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් මිල අඩු කිරීමක් සිදුකරන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව හෙට දිනයේ දී අවසන් තීන්දුවකට පැමිණීමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us