සමරිසි පනත් කෙටුම්පතට මහානායක හිමිවරුන් විරුද්ධ වෙයි

Published in පුවත්
Thursday, 25 July 2024 10:38

යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බවය.

පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්හාස දරන්නේ නම් එය රාජ්‍ය අරාජික වීම සංස්කෘතිය බිඳවැටීම මෙන්ම සමාජ බිඳ වැටීමට බලපාන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇති බවද ඉන් පෙන්වා දී තිබේ.

පින - පව, කුසලය - අකුසලය පිළිබඳ සමාජය දැනුවත් කරමින් ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය සැපයීම මහා සංඝ රත්නය  වෙත පැවරී ඇති වගකීමක් බවත් විවිධ බාධක. අර්බුද, අභියෝග මධ්‍යයේ වුව ද ලාංකේය භික්ෂු පරපුර එම ඓතිහාසික වගකීම මනාව ඉටුකර ඇති බවට මෙරට ඉතිහාසය සාක්ෂි දරා ඇති බවත් එම නිවේදනයේ සදහන්ව තිබේන අතර රටක ජන ජීවිත සුරක්ෂිත කොට සමාජ සංස්ථාවන්ගේ යහ පැවැත්ම තහවුරු කිරීම රාජ්‍ය පාලකයාගේ වගකීම බව ද අවධාරණය කර ඇත.

ඒ අනුව ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමුකර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවය. 

වැඩි විස්තර පහතින්,

download 5

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us