ඩිවෝස් වෙන්න අලුත් නීතියක්

Published in පුවත්
Thursday, 25 July 2024 11:29

දික්කසාද නීතිය ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ (no fault divorce) නමින් නව නීතියක් හඳුන්වා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව පනත් කෙටුම්පත මගින් නැවත ස්ථාපිත කර ගැනීමට නොහැකි මට්ටමේ පවතින දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය ඇති බව ය.

අධිකරණ අමාත්‍යවරයා පවසා සිටින්නේ දික්කසාද නඩු ඇතුළු අනෙකුත් නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබා දෙන නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට හැකි වන ආකාරය විදේශ නඩු තීන්දු පිළිගැනිම සහ බලාත්මක කිරීමේ පනත මගින් හැකියාව ලැබෙන බවය.

“දික්කසාද නිතිය මුළුමනින් ම අපි අයින් කරලා අලුත් කෙටුම්පතක් හදලා තියෙන්නේ. ඒක ‘නෝ ෆෝල්ට් ඩිවෝර්ස්.’ මේ වගේ බරපතළ විදිහට අවුරුදු ගණන් නඩු විභාග පවත්වන්නේ නැතුව ඒ විවාහය නැවත ස්ථාපිත කර ගන්න බැරි මට්ටමට කඩා බිඳ වැටිලා තියෙනවා කියලා සනාථ වෙනවා නම් අධිකරණයට ඒ තීන්දුවක් දෙන්න පුළුවන් බලය ඒකට ලැබෙනවා.“

“විදේශ අධිකරණවල දෙන දික්කසාද තීන්දු ඇතුළු අනෙකුත් තීන්දු ලංකාව තුළ පිළිගැනීමක් නැතිකම සහ ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් නැති එකත් බරපතළ ප්‍රශ්නයක්. ඒක නිසා තමයි අපි ඉදිරිපත් කෙරුවේ ‘විදේශ නඩු තීන්දු පිළිගැනිම සහ බලාත්මක කිරීමේ පනත.’ ඒ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා අභියෝගයට ලක් කරලා අද දින නියෝජ්‍ය කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අපිට දැනුම් දුන්නා.”

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us