වසරේ පළමු මාස 6තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ඇ. ඩොලර් මිලියන 1,557ක් ලංකාව උපයා ගනී

Published in පුවත්
Thursday, 01 August 2024 09:29

මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව දෙගුණයකට ආසන්න වර්ධනයක් බවය.

සංචාරක ඉපයීම් හැර සේවා අංශය වෙත මේ වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,762ක ලැබීම් වාර්තා වී ඇති බව සඳහන්ය.

මේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ එම කාලවීම තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර ජුනි මාසය අවසාන වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ද ජූනි මාසය දක්වා අති ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us