පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් යයි

Published in පුවත්
Thursday, 01 August 2024 09:55

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ.

ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට පසුගිය සඳුදා දිනයේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබීය.

දින දෙකක් තුළ අපේක්ෂකයා කවුරුන් ද යන්න ප්‍රකාශට පත්කරන බව එහිදි සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගනු ලැබු තීරණයත් සමග එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ලබන සතිය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයට පටහැනිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

අදාළ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේය.

"මට තේරෙන්නේ නෑ පොදුජන පෙරමුණ අවශ්‍ය මේ මැතිවරණය දිනන්නද? පරදින්නද? කියලා. ඒ නිසා පොදුජන පෙරමුණේ අති බහුතරය තීරණය කළා රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත ඉතාම වැරදි තීරණයක් තමා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම. මේ වෙලාවේ රට ගොඩගන්න පුළුවන් කෙනෙක් විදියට අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 80%ක් ජනාධිපතිවරයාට සහාය දෙන්න තීරණය කළා. පළාත් සභාවලත් 90%ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න තීරණය කළා. පසුකාලීනව මේ ගත්ත තීරණය ගැන පොදුජන පෙරමුණ පසුතැවිලි වෙයි. පක්ෂය අපිව අයින් කරනවා නම් මහින්දානන්දලා, රත්වත්තේලා, අමුණුගමලා, ජයරත්නලා නැතුව පුළුවන් නම් ගිහින් මහනුවර දේශපාලනය කරන්න කියන්න. මිනිස්සු ඉන්නේ අපි එක්ක."

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us